වෙබ් අඩවියක් වෙනුවට බ්ලොග් අඩවියක් භාවිතා කිරීමේ වාසි කිහිපයක් තිබේ.
1.වෙබ් අඩවියක් නොමිලේ ආරම්භ කිරීම අපහසුය. නමුත් බ්ලොග් අඩවියක් වියදම් දැරීමකින් තොරව, නොමිලේම පහසුවෙන් ආරම්භ කළ හැකියි.
2.බ්ලොග් අඩවියක ඔබට ඔබ කැමති මාතෘකාවක් ඔස්සේ ලේඛනය කළ හැක. බොහෝ වෙබ් අඩවි වලට නිශ්චිත මාතෘකාවක් ඇත. (සේවාවක් හෝ නිෂ්පාදනයක් විකිණීම, පුද්ගලයකු හෝ සමාගමක් පිළිබඳව තොරතුරු ලබා දීම වැනි)
3.වෙබ් අඩවි නිර්මාණයේදී මෙන් කේත ගැන දැනුමක් හෝ තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවේ.
4.බ්ලොග් අඩවිවලට පාඨකයන් සමඟ සම්බන්ධ වීමේ හැකියාව , අදහස් බෙදා ගැනීම මෙන්ම පාඨකයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමේ හැකියාව පවතී.
5.බ්ලොග් අඩවි නිරන්තරයෙන් යාවත්කාලින කරන බැවින් සෙවුම් යන්ත්‍ර (search engines ) හරහා පෙන්වීමේ හැකියාව ඉතා වැඩිය.
6.විවිධ විෂයන් ආවරණය කිරීම පහසුයි.
No comments:
Post a Comment