වර්ථමානය වන විට බොහෝ දෙනා භාවිතයට ඉතා පහසු බැවිනුත්, නොමිලේ ආරම්භ කළ හැකි නිසාත්, යාවත්කාලින කිරීම පහසු බැවිනුත්, තම මතයන් සහ අදහස් ප්‍රකාශ කිරීම සඳහා බ්ලොග් අඩවි භාවිතා කිරීමට නැඹුරුව සිටියි.
නමුත් ගැටලුව වන්නේ සාර්ථක බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්නේ කෙසේද කියන එකයි. සාර්ථක බ්ලොගයක් පවත්වා ගෙන යාම සඳහා ඔබට පහත ක්‍රම අනුගමනය කළ හැක.
1.මුලින්ම ඔබේ බ්ලොගය කියවන්නේ කවුද ? ඔවුන්ගේ අවශ්‍යතා මොනවාද යන්න ගැන අවබෝධයක් ඔබ තුළ තිබිය යුතුයි. ඔබේ පාඨකයන් කවුරුන්ද හඳුනා ගැනීමෙන්, ඔවුන්ට අවශ්‍ය ආකාරයේ අන්තර්ගතයන් ලේඛනය කිරීමට ඔබට හැකියාව ඇත.
2. පාඨකයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් , ඔවුන් හා අදහස් බෙදා ගනිමින්, පාඨකයන් සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්න.
3. තව කෙනෙකුගේ ලිපි සොරා නොගෙන, තමන්ගේම අදහස් වලින් පිරි, හොඳ තත්ත්වයේ නිර්මාණ බිහි කරන්න.
4.තම පාඨකයන් හට වටිනා අන්තර්ගතයන් පිරි උසස් තත්ත්වයේ ලිපි පළ කරන්න.
5.බ්ලොග් අඩවිය සමාජ මාධ්‍යවල ප්‍රචාරණය කිරීමෙන්, නව පාඨකයන් ඔබේ බ්ලොගය තුළට ගෙන්වා ගත හැක.
6.වෙනත් බ්ලොග් අඩවි සමඟ හවුල්කාරිත්වයන් ගොඩ නගා ගන්න.
7.ඔබේ බ්ලොග් අඩවියට පැමිණෙන අය පිළිබඳව, ඔවුන් කුමන ලිපි කියවීමට කැමතිද යන්න පිළිබඳව විශ්ලේෂණය කරන්න.
8. SEO ගැන සැලකිලිමත් වෙන්න.
9.ඔබේ බ්ලොග් අඩවිය නිරන්තරයෙන් යාවත්කාලින කරන්න.
10.ඔබේ බ්ලොගය ලියන විෂයට හෝ ක්ෂේත්‍රයට අදාළ කාලින මාතෘකා පිළිබඳව දැනුවත් වන්න.
11. ඔබේ බ්ලොග් අඩවියේ බාහිර පෙනුම ගැන සැලකිලිමත් වන්න. බ්ලොග් අඩවිය සඳහා භාවිතා කරන වර්ණයන්, පාඨයන් සඳහා භාවිතා කරන වර්ණයන්, භාවිතා කරන රූප සහ video දර්ශන ගැන සැලකිලිමත් වෙන්න. වඩා ආකර්ශණීය බ්ලොග් අඩවියක් තුළට වඩා පහසුවෙන් පාඨකයන් ආකර්ෂණය වේ.
12. සාර්ථක බ්ලොගයක් එක දවසකින් නිර්මාණය කර ගත නොහැක. ඉවසීමෙන් සහ උත්සාහයෙන් දිගටම වැඩ කටයුතු කරගෙන යන්න.


.jpeg)

.png)
.jpeg)
