Pages

Thursday, September 12, 2024

වෙබ් අඩවියකට වඩා බ්ලොග් අඩවියක භාවිතා කිරීමේ වාසිය

වෙබ් අඩවියක් වෙනුවට බ්ලොග් අඩවියක් භාවිතා කිරීමේ වාසි කිහිපයක් තිබේ. 

1.වෙබ් අඩවියක් නොමිලේ ආරම්භ කිරීම අපහසුය. නමුත් බ්ලොග් අඩවියක් වියදම්  දැරීමකින් තොරව, නොමිලේම පහසුවෙන් ආරම්භ කළ හැකියි.

2.බ්ලොග් අඩවියක ඔබට ඔබ කැමති මාතෘකාවක් ඔස්සේ ලේඛනය කළ හැක. බොහෝ වෙබ් අඩවි වලට නිශ්චිත මාතෘකාවක් ඇත. (සේවාවක් හෝ නිෂ්පාදනයක් විකිණීම, පුද්ගලයකු හෝ සමාගමක් පිළිබඳව තොරතුරු ලබා දීම වැනි) 

3.වෙබ් අඩවි නිර්මාණයේදී මෙන් කේත ගැන දැනුමක් හෝ තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවේ.

4.බ්ලොග් අඩවිවලට පාඨකයන් සමඟ සම්බන්ධ වීමේ හැකියාව , අදහස් බෙදා ගැනීම මෙන්ම පාඨකයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමේ හැකියාව පවතී.

5.බ්ලොග් අඩවි නිරන්තරයෙන් යාවත්කාලින කරන බැවින් සෙවුම් යන්ත්‍ර (search engines ) හරහා පෙන්වීමේ හැකියාව ඉතා වැඩිය. 

6.විවිධ විෂයන් ආවරණය කිරීම පහසුයි.

Wednesday, September 11, 2024

සාර්ථක බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන්නේ කෙසේද?

    වර්ථමානය වන විට බොහෝ දෙනා භාවිතයට ඉතා පහසු බැවිනුත්, නොමිලේ ආරම්භ කළ හැකි නිසාත්, යාවත්කාලින කිරීම පහසු බැවිනුත්,  තම මතයන් සහ අදහස් ප්‍රකාශ කිරීම සඳහා බ්ලොග් අඩවි භාවිතා කිරීමට නැඹුරුව සිටියි. 

    නමුත් ගැටලුව වන්නේ සාර්ථක බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්නේ කෙසේද කියන එකයි. සාර්ථක බ්ලොගයක් පවත්වා ගෙන යාම සඳහා ඔබට පහත ක්‍රම අනුගමනය කළ හැක.

1.මුලින්ම ඔබේ බ්ලොගය කියවන්නේ කවුද ? ඔවුන්ගේ අවශ්‍යතා මොනවාද යන්න ගැන අවබෝධයක් ඔබ තුළ තිබිය යුතුයි. ඔබේ පාඨකයන් කවුරුන්ද හඳුනා ගැනීමෙන්, ඔවුන්ට අවශ්‍ය ආකාරයේ අන්තර්ගතයන් ලේඛනය කිරීමට ඔබට හැකියාව ඇත.



2. පාඨකයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් , ඔවුන් හා අදහස් බෙදා ගනිමින්, පාඨකයන් සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්න. 

3. තව කෙනෙකුගේ ලිපි සොරා නොගෙන, තමන්ගේම අදහස් වලින් පිරි, හොඳ තත්ත්වයේ නිර්මාණ බිහි කරන්න.

4.තම පාඨකයන් හට වටිනා අන්තර්ගතයන් පිරි උසස් තත්ත්වයේ ලිපි පළ කරන්න.

5.බ්ලොග් අඩවිය සමාජ මාධ්‍යවල ප්‍රචාරණය කිරීමෙන්, නව පාඨකයන් ඔබේ බ්ලොගය තුළට ගෙන්වා ගත හැක.

6.වෙනත් බ්ලොග් අඩවි සමඟ හවුල්කාරිත්වයන් ගොඩ නගා ගන්න.

7.ඔබේ බ්ලොග් අඩවියට පැමිණෙන අය පිළිබඳව, ඔවුන් කුමන ලිපි කියවීමට කැමතිද යන්න පිළිබඳව විශ්ලේෂණය කරන්න.

8. SEO ගැන සැලකිලිමත් වෙන්න.

9.ඔබේ බ්ලොග් අඩවිය නිරන්තරයෙන් යාවත්කාලින කරන්න.

10.ඔබේ බ්ලොගය ලියන විෂයට හෝ ක්ෂේත්‍රයට අදාළ කාලින මාතෘකා පිළිබඳව දැනුවත් වන්න. 

11. ඔබේ බ්ලොග් අඩවියේ බාහිර පෙනුම ගැන සැලකිලිමත් වන්න. බ්ලොග් අඩවිය සඳහා භාවිතා කරන වර්ණයන්, පාඨයන් සඳහා භාවිතා කරන වර්ණයන්, භාවිතා කරන රූප සහ video දර්ශන ගැන සැලකිලිමත් වෙන්න. වඩා ආකර්ශණීය බ්ලොග් අඩවියක් තුළට වඩා පහසුවෙන් පාඨකයන් ආකර්ෂණය වේ. 

12. සාර්ථක බ්ලොගයක් එක දවසකින් නිර්මාණය කර ගත නොහැක. ඉවසීමෙන් සහ උත්සාහයෙන් දිගටම වැඩ කටයුතු කරගෙන යන්න.



Tuesday, September 10, 2024

බ්ලොග් අඩවියක සහ වෙබ් අඩවියක වෙනස

වෙබ් අඩවියක් සහ බ්ලොග් අඩවියක් අතර පැහැදිලි වෙනස්කම් කීපයක් ඇත.

1.බ්ලොග් අඩවියක ප්‍රධාන වශයෙන් පළ කරන්නේ ලිපි වන අතර, වෙබ් අඩවියක ලිපි, ඡායාරූප, නිෂ්පාදන හා සේවා වැනි  විවිධාකාර අන්තර්ගතයන් තිබේ.

2.වෙබ් අඩවිවල ප්‍රධාන අරමුණ වන්නේ තොරතුරු ලබා දීමයි. එමෙන්ම නිෂ්පාදන හෝ සේවා විකිණීම,  සමාගමක්, ආයතනයක් හෝ පුද්ගලයෙක් පිළිබඳව තොරතුරු ලබා දීම වැනි අරමුණු වෙබ් අඩවියක් සතු වේ.  නමුත් බ්ලොග් අඩවියක ප්‍රධාන අරමුණු වන්නේ යම් විෂයක් පිළිබඳව දැනුම බෙදා ගැනීම මෙන්ම අදහස් සහ මතයන් ප්‍රකාශ කිරීම වේ. 

බ්ලොගයක් යනු කුමක්ද?



    බ්ලොගයක් යනු යම්කිසි කෙනෙකුට තම අදහස් ප්‍රකාශ කිරීමට,  තම දැනුම හෝ අත්දැකීම් අන් අය සමග බෙදාගැනීමට මෙන්ම තමන් කැමති ඕනිම විෂයක් පිළිබඳව ලිඛිතව ප්‍රකාශ කළ හැකි වෙබ් අඩවියකි. එය Digital diary එකක් ලෙස හෝ පුද්ගලික වෙබ් පිටුවක් ලෙස සැලකිය හැක. බ්ලොග් අඩවි නිතිපතා යාවත්කාලින  වන අතර එමඟින් පාඨකයන්  සමඟ හොඳ සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමට හැකි වේ. 


බ්ලොග් එකක් ඇයි පවත්වාගෙන යන්නේ?

1. ඔබ යම්කිසි ක්ෂේත්‍රයක ප්‍රවීණයකු  හෝ විශේෂඥයකු නම්, ඔබේ දැනුම අන් අය හා බෙදා ගැනීම බ්ලොග් අඩවියක්  හරහා පහසුවෙන් කර ගත හැක.

2.ඔබේ අදහස් හා මතයන් ප්‍රකාශ කිරීමට

3.ඔබේ අත්දැකීම් ප්‍රකාශ කිරීමට

4.ජනප්‍රිය බ්ලොග් අඩවි හරහා වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීමෙන් හා සේවා විකිණීමෙන්   මුදල් ඉපයීමට ඇත.




බ්ලොග් එකක් ආරම්භ කරන්නේ කෙසේද?

බ්ලොග් අඩවියක් ආරම්භ කිරීම ඉතා පහසුය. ඔබට ඒ සඳහා අවශ්‍ය වන්නේ අන්තර්ජාල පහසුකමක්, ඊ තැපෑල ගිණුමක් සහ ලිවීමට කාරණා පමණී. නොමිලේ බ්ලොග් ලිවීමේ පහසුකම් ලබා දෙන blog platform එකක් හරහා පහසුවෙන් බ්ලොග් අඩවියක් නිර්මාණය කරගත හැක.

නොමිලේ බ්ලොග් ලිවීමේ පහසුකම් ලබාදෙන blog platforms

1.blogger 

2.wordpress 

3.medium 

4.wix 

5.weebly 

 


 

  

මීට අමතරව බ්ලොග් එකක් පවත්වාගෙන යාමට ඔබට අවශ්‍ය දේවල්:

  • නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමට කාලය
  • ඔබේ බ්ලොග් අඩවිය පාඨකයන් අතර ජනප්‍රිය කිරීමට ඔබට ඇති උනන්දුව 
  • ඔබේ පාඨකයන් සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන යාම 
  • ඉවසීම සහ ධෛර්යය




Monday, September 9, 2024

ආයුබෝවන් 🙏




සාර්ථකත්වය ළඟා වෙන්නේ සාර්ථකත්වය කෙරෙහි උනන්දුවක් දක්වන පුද්ගලයන් කරාය. පුද්ගලයකුගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය යනු එම පුද්ගලයාගේ යම් පුරුද්දක් මත ඇති වූ යම් කිසි ප්‍රතිඵලයකි

වෙබ් අඩවියකට වඩා බ්ලොග් අඩවියක භාවිතා කිරීමේ වාසිය

වෙබ් අඩවියක් වෙනුවට බ්ලොග් අඩවියක් භාවිතා කිරීමේ වාසි කිහිපයක් තිබේ.  1.වෙබ් අඩවියක් නොමිලේ ආරම්භ කිරීම අපහසුය. නමුත් බ්ලොග් අඩවියක් වියදම් ...