වෙබ් අඩවියක් සහ බ්ලොග් අඩවියක් අතර පැහැදිලි වෙනස්කම් කීපයක් ඇත.
1.බ්ලොග් අඩවියක ප්‍රධාන වශයෙන් පළ කරන්නේ ලිපි වන අතර, වෙබ් අඩවියක ලිපි, ඡායාරූප, නිෂ්පාදන හා සේවා වැනි විවිධාකාර අන්තර්ගතයන් තිබේ.
2.වෙබ් අඩවිවල ප්‍රධාන අරමුණ වන්නේ තොරතුරු ලබා දීමයි. එමෙන්ම නිෂ්පාදන හෝ සේවා විකිණීම, සමාගමක්, ආයතනයක් හෝ පුද්ගලයෙක් පිළිබඳව තොරතුරු ලබා දීම වැනි අරමුණු වෙබ් අඩවියක් සතු වේ. නමුත් බ්ලොග් අඩවියක ප්‍රධාන අරමුණු වන්නේ යම් විෂයක් පිළිබඳව දැනුම බෙදා ගැනීම මෙන්ම අදහස් සහ මතයන් ප්‍රකාශ කිරීම වේ.
3. වෙබ් අඩවි නිතර නිතර යාවත්කාලින නොවන අතර බ්ලොග් අඩවි නිතරම යාවත්කාලින වේ.
4.වෙබ් අඩවි නිර්මාණය සහ යාවත්කාලින කිරීම තරමක් සංකීර්ණ කාර්යයක් වන අතර බ්ලොග් අඩවි නිර්මාණය සහ යාවත්කාලින කිරීම තාක්ෂණික දැනුමක් නොමැති අයකුට වුවද පහසුවෙන් කළ හැක.
No comments:
Post a Comment